ගෙදර තිබුණා ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක්... ඒකත් ඉවර වෙන්න කිට්ටුයි.. මේ යන විදියට ගෑස් ඉවරවෙයිද කියලත් බයයි.. කෝකටත් කියල ගත්තා ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක් සල්ලි දීලා.. රු. 5,874.00 යි.. සල්ලි කියල බලන්න බෑ මේ වෙලාවේ.. ඒ වගේම ගත්තා හාල් පොල් වගේ වියළි ආහාර ද්‍රව්‍ය ටිකකුත්.. රු. 9,300.00යි.. මොකද ලංකාවෙ මිනිස්සු Panic Buying කරන්න ගත්තොත් බඩු..
ඒ වගේම මගේ අරමුණ රෝහලෙන් පළමු කොරෝනා රෝගියා වාර්තා උණු දවසේ ඉඳල ගෙදර නෑවිත් ඉන්න.. ප්‍රායෝගික ගැටළු ගොඩායි..
01. ගෙදර ඉන්නෙ වයිෆුයි දරුවයි විතරයි.. මගේ අම්මල තාත්තල එයාලව බලන්න එන්නෙ කලාතුරකින්.. මොකද නංගිගෙ දරුව බලාගන්න එක තමයි එයාලා කරන්නේ (මේක වෙනම කතාකරන්න ඕනි පවුල් ප්‍රශ්ණයක්).. වයිෆ්ගෙ තාත්ත කොළඹ.. එයාගෙ අම්මයි මල්ලියි විතරයි වයිෆ්ලගෙ ගෙදර ඉන්නෙ.. මල්ලිට කන්න උයන්න තියෙන නිසා ඒ අම්මටත් එන්න විදියක් නෑ..
02. කෙල්ල දඟයි.. වයිෆ්ට කන්ට්‍රොල් නෑ..
03. ගේ හරියට හදල නැති නිසා ආරක්‍ෂාව අඩුයි.. රෑට තනියම ඉන්න එක ගැටළුවක්..
ඒත් බැරිවෙලාවත් අපේ ගමේ මුලින්ම මට කොරෝනා හැදිලා, ඊට පස්සෙ ගමේ පැතිරිලා (මගෙන් බෝ නොවී වෙන එකෙක් වටේ ගිහිල්ලා හදාගෙන ආවත්) ගිහිල්ලා වයසක කෙනෙක් හරි මැරුණොත් ආයිත් ගමේ ඉන්නකම් කතන්දරේ අහන්න වෙනවා අර මනුස්සයව මරාගත්තෙ මූ මේ ලෙඩේ ගමට ගෙනල්ලා කියලා...
ඉතිං හොඳම දේ තමයි ගෙදර මිනිස්සු අවදානමේ දාලා උණත් රෝහලේ නතරවෙන එක..ඒක කරන්න නම් ගෑණිටයි දරුවටයි කන්න බොන්න තියෙන්න ඕනි.. මාස්ක් තියෙන්න ඕනි.. හෑන්ඩ් රබ් තියෙන්න ඕනි.. අත්‍යවශ්‍ය බෙහෙත් තියෙන්න ඕනි..
ගත්තා Alco Rub bottles 02ක්.. රු. 1,580.00යි.. මල්ලිට කියල ගෙන්නගත්තා ඔක්සිපුරා ජාතියෙ මාස්ක් 02ක්.. රු. 500.00යි.. අත්‍යවශ්‍ය බෙහෙත් ටිකක් (Piriton, Panadol, Omeprosol, Diclofenac Na, Cefotaxime වගේ) ගත්තා..
දැන් ෂේප්..
No comments:
Post a Comment