කොරෝනා කන්ෆර්ම් කරගන්න සිදු කරන 2019 Novel Corona Virus Real Time PCR Assayටෙස්ට් එක කරන්න RT-PCT මැෂින් එකකුයි Cool Centrifuge එකකුයි Class II Safety Cabinet එකකුයි තියෙනව නම් අපිටත් ඒ ටෙස්ට් එක මෙහේම කරන්න පුළුවන් කියල අපේ Consultant Microbiologist මැඩම් කිවුවා.. RT-PCR Analyzer එක ලක්‍ෂ 95ක් විතර වෙනවලු... අපේ රෝහල් සංවර්ධන කමිටුවෙ සාමාජිකයො ඒ උපකරණය රෝහලට එයාලගෙ මුදලින් පරිත්‍යාග කරන්න කැමැත්ත පල කරලා.. ඇත්තටම ආඩම්බරයක් සහ ලොකු ගෞරවයක් හිතේ ඇති උණා ඒ මිනිස්සු ගැන.. ඇත්තටම රුපියල් කෝටියකට කිට්ටු මුදලක් පිනට දෙන්න ඒ මිනිස්සු දන්දීම ප්‍රගුණ කරල ඇති කලින් ආත්ම වල.. මීට අවරුදු කිහිපයකට කලින් රුපියල් කෝටි තුනකට වැඩි අංග සම්පූර්ණ ළමා වාට්ටු සංකීර්ණයක් මේ රෝහල් සංවර්ධන කමිටුව විසින් ම අපිට පරිත්‍යාග කළා..
Microbiologist මැඩම් දන්න දන්න කම්පැනි කිහිපයකට ම කතා කරා මේ වෙන කොට ලංකාවෙ තොග තියෙන තැනක් හොයා ගන්න RT-PCR Analyzer එකක් ගන්න.. ඒත් හැමෝම කියන්නෙ ඒ මැෂින් එක මෙහේ ගෙනත් තියාගන්නෙ නෑ ලු.. Import & Supply ලු කරන්නෙ.. ඒත් මැඩම් ගේම අතාරින එකක් නෑ.. කොහොම හරි තැනක් හොයා ගනීවි.. එහෙම උණොත් අපිටම අපේ ලෙඩ්ඩුන් ගෙ 2019 Novel Corona Virus Real Time PCR Assayටෙස්ට් එක කරගන්න පුලුවන්..
ඒ අතරෙ රෝහල් කමිටුව තවත් රුපියල් ලක්‍ෂ 06කට වැඩි PPE kits 300ක් පරිත්‍යාග කරා..
ඒ වගේම ගොඩාක් ඇඟළුම් කර්මාන්ත ශාලා වලින් මහපු මාස්ක්, ගවුන් වගේ දේවල් අපිට කෝල් කරලා පරිත්‍යාග කරන තත්ත්වයක් තිබුණා.. ඒ වගේම තවත් සමහර ගුණවත් මිනිස්සු තමන්ට පුළුවන අයුරින් මාස්ක් වගේ දේවල් මහල පරිත්‍යාග කරා පෞද්ගලික මට්ටමින්..
ඇත්තටම මේ වගේ ව්‍යසනයක් වෙලාවෙදි රටවිරුවොන්ගෙන් කොටසක් නිරෝධායනය වෙන්න බෑ කියල පැනල ගිහින්, තවත් සමහරු රණවිරුවන්ගෙන් ගේම ඉල්ලන තත්ත්වයක් තියෙද්දි මම ඉහතින් සඳහන් කරපු නම් කි නොකී සියළු දෙනා අපිත් එක්ක අත්වැල් බැඳගත්ත..
අපි තනිවෙලා නෑ කියල දැනෙනවා.. සුන්දර මිනිස්සු වඳ වෙලා ම ගිහින් නෑ... අතරින් පතර හරි ඉන්නවා..
This comment has been removed by the author.
ReplyDelete