දිනය : 2020-03-19
තවත් කොරෝනා රෝගීන් දෙන්නෙක් කන්ෆර්ම් උණා.. කලින් මනුස්සයගේ බිරිඳයි, දරුවයි ලු.. ඒ කියන්නෙ පැතිරෙන්න පටන් අරන්.. තව කී දෙනෙක් මේ වෙනකොට ඇවිදින වෛරස වාහකයන් වෙලා ද දන්නෙ නෑ.. මෙයාලා කොයි විදියට බෝ කරලද කියන එක මාර්තු 28, 29 වගේ වෙනකොට බලාගන්න පුලුවන් වෙයි කියලයි මගේ හිත කියන්නෙ.. ඒත් සාමාන්‍ය ජනතාවට අවදානම ගැන ලොකු අවබෝධයක් නැතුව වගෙයි.. මාස්ක් එකක් දාපු කෙනෙක් දැක්කෙත් කලාතුරකින්.. දැන් තමයි තිස්තුන් කොටියක් දෙවි වරු ඉන්නව නම් අපිට පිහිට වෙන්න ඕනි කාලේ...
හොස්පිටල් එකේ PPE (Personal Protective Equipment) තියෙන්නෙ තව දවසකට විතරයි ලු.. බොක්ක රත් උණා.. ඇයි දෙයියනේ PPE නැතුව වාට්ටුවෙ කෙනෙක් කොරෝනා සැක රෝගියෙක් ගාවට යන්නෙ කොහොමද.. Director Sir ටත් ඔළුව freeze වෙලා වගේ.. ඇයි දෙයියනේ ඒ මනුස්සය ගාවට නෙ හොස්පිටල් එකේ හැම ප්‍රශ්ණයක් ම එන්නෙ.. ඒ අස්සෙ දේශපාලන අධිකාරියයි, අමාත්‍යාංශෙ නිළධාරීනුයි මෙකි නොකී හැමෝම කොල් කර කර විස්තර අහනවා.. ඇත්තටම පවු.. කොහොම හරි දන්න කම්පැනි කිහිපයකටම කතා කර PPE ගැන අහන්න.. හැමෝම කියන්නෙ බඩු ඉවරයි කියල.. කොරෝනා නිසා බඩු සුද්ද වෙලා.. අන්තිමට බොහෝම හිතවත් (සහෝදරයෙක් වගේ) ඖෂධවේදී හිතවතෙකු මාර්ගයෙන් PPE 150ක් දෙන්න එකම එක කම්පැනියක් කැමති උණා.. ඒත් Coverall විතරයි.. ඒකත් මදැයි මේ වලාවෙ.. ඒකත් ගොඩාක් රෝහල් වලින් ඉල්ලනවලු.. ඉක්මන් නොකරොත් මේ 150ත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ.. Quotation call කර කර ඉන්න වෙලාවක් නෑ.. පස්සෙ ෆයිල් එක හදනව කියල හිතාගෙන වයිබර් කර ගත්ත ඉන්වොයිස් එක... පහුවෙනිද උදේම වවුචරේ හදල දාන්න හිතාගෙන.. මොකද cash on delivery.. පස්සෙ කාලෙක audit ල ඇවිත් මිළදී ගැනීම් කරල තියෙන විදිය වැරදියි කියල කිවුවොත් අම්ම මතක් කරල දෙනව කියල හිතාගත්ත..
කෙල්ලට කෝල් කරපු ගමන් අහන්නෙ තාත්ත කවද්ද එන්නෙ කියන එක තමයි.. අඬනවත් එක්ක.. එයා කියන කතා අහගෙන ඉන්දැද්දි පපුව කඩා වැටෙනව වගේ... ඒත් මොනව කරන්නද.. ගෙදර මිනිස්සුන්ට දෑවැද්ද දෙන්න බෑ නෙ.. ඇස් දෙකට කඳුලුත් ආවා.. කොහොම හරි අල්ලගෙන ඉන්නව කියල හිතා ගත්තා..
No comments:
Post a Comment